බ්‍රිරිතාන්‍ය පාලනය ආරම්භ වූ යුගයේ ස්වභාෂා අධ්‍යාපනයට හිමි වූයේ කුඩම්මාගේ සැලකිලිය. රජයේ අනුග්‍රහය මත ස්වභාෂා පාඨශාලා ක්‍රියාත්මක විිමත් සමඟ ස්වභාෂා අධ්‍යාපනය දියුණු කිරීමට රජය මෙන්ම මහජනයා ද නොඅඩුව සහය දැකවූහ.”ස්වභාෂා පාසලක් තම ප්‍රදේශයේ ආරම්භ කිරීමට අවශ්‍ය වූයේ නම් එයට අවශ්‍ය ගොඩනැගිල්ල මහජනයා විසින්ම සපයා දිය යුතුය” යන්න එදා රජයේ ප්‍රතිපත්තිය විය. එම ගොඩනැගිලි සැපයූ පසු ගුරුවරුන් පත්කොට ඔවුනට වැටුප් ගෙවා පාසල ආරම්භ කිරීම රජය විසින් සිදු කරනු ලැබුණි. කඳු වළල්ලකින් වට සුන්දර බිම් කඩෙක වැජඹෙන ඇටම්පිටිය නගරයේ ජනතාවටත් එදා ස්වභාෂා පාසලක දැඩි අවශ්‍යතාවය මතු වන්නට ඇත. ඇටම්පිටිය නගරයේ වර්තමාන පොලීසිය පිහිටන ස්ථානයේ ( එදා පොලීසිය නොතිබුණි.) කුඩා ගොඩනැගිල්ලක එවක තිබූ රජයේ ප්‍රතිපත්තිය මත ස්වභාෂා අධ්‍යාපන ආයතනයක් ඇරඹීම සඳහා ජනතාව එම භූමිය සපයා දීමත් සමඟ ස්වභාෂා පාසලක් එහි ආරම්භ විය.
1880 තෙක් ඈතට දිවෙන දීර්ඝතම ඉතිහාසයකට උරුමකම් කියන බ/ඇටම්පිටිය ජාතික පාසලේ මුලාරම්භය එයයි. සීමිත ළමුන් හා ගුරු පිරිසකගෙන් ඇරඹී විද්‍යාලයේ ඉතිහාසය අධ්‍යයනය කරන විට ඓතිහාසික මූලාශ්‍රයක් අධ්‍යයනය කරන්නා සේ හැඟෙයි. ඒ වර්තමානයේ නගර මධ්‍යයේ කුඩා කඳු ගැටයක පිහිටි ආඩම්භරයෙන් වැජඹෙන ඇටම්පිටිය ජාතික පාසල අධිරාජ්‍ය පාලන යුගය දක්වා ඈතට දිවෙන වටිනා ඉතිහාසයකට උරුමකම් කියන අගනා මිණි කැටයක් නිසයි.
1880-1900 පමණ වනතෙක් එම ස්ථානයේම පාසල පවත්වාගෙන ගියත් පාසලක් පවත්වාගෙන යාමට තරම් එම පරිසරය නුසුදුසු විය. එහෙයින් K. G. D. සුවාරිස් අප්පු මුදලාලි විසින් පාසලක් ඉදිකිරීමට විශාල බිම් කඩක් පරිත්‍යාග කළේය. වර්තමාන ක්‍රීඩා පිටිය පිහිටි ස්ථානයේ කෙළවරක මානං සෙවිලි කළ කුඩා විදුහලක් බිහිවූයේ එම ඉඩමේයි. මූලිකව ඉගැන්වීම් කටයුතු කිරීම එයින් ආරම්භ වූ අතර 1901 වර්ෂයේ විදුහලට නව ආලෝකයක් ගෙන ආවේ පරිත්‍යාග කරන ලද එම ඉඩමෙහි නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම නිසයි. (පසු කාලීනව නව ගොඩනැගිලි ඉදිවන තුරුම අධ්‍යාපන කටයුතු කලේ මේ ගොඩනැගිල්ලේයි.) මෙසේ ස්වභාෂා මිශ්‍ර පාසලක් ලෙස ඇටම්පිටිය විදුහල එවක අධ්‍යාපන ක්‍රමයට අනුව හැඩගැසෙන්නට වූයේ දිනෙන් දින දියුණුවට පත් වෙමිනි. (1999 වසර තෙක්ම ගොඩනැගිල්ලේ තිබුණේ ගුරු නිවාසයකි. එහෙත් පසුකාලීනව ඇටම්පිටිය පොලිස් ස්ථානය එහි ස්ථාන ගත කරන ලදී.)
විද්‍යාලයට නව විද්‍යාගාරයක්…..
ගොඩනැගිලි පහසුකම් ඉතා අවම මට්ටමක පැවතීම නිසා එදා විද්‍යා විෂය ඉගැන්වීම එතරම් පහසු වූයේ නැත. 1962 සිට 1969 තෙක්ම කාර්මික අංශයේම කොටසක අධ්‍යයන කටයුතු සිදුකෙරැණු විද්‍යා විෂය ඉගැන්වීම සඳහා ස්ථානයක අවශ්‍යතාව මෙකල තදින්ම දැනෙන්නට විය. ඒ අනුව 1966.06.30 දින නව විද්‍යාගාරයක් ඉදි කිරීමේ යෝජනා සහිත ලිපිය පාසලට ලැබුණි. එයින් වසර 03 කට පසුව 1969.02.12 දින වන විට කදිම විද්‍යාගාරයක් විද්‍යාලයට උරැම විය. එහි අධ්‍යයන කටයුතු ආරම්භයට අධ්‍යාපන අධ්‍යක්ෂකගෙන් අවසර ලැබුණු පසු 1969.03.21 සුභ මොහොතින් ඌව පලාත් අධ්‍යාපන අධ්‍යක්ෂතුමා අතින් විවෟත විය. එදා සිට අද දක්වාම පාසල් විද්‍යාගාරය ලෙස භාවිතා කරනුයේ එම විද්‍යාගාර ගොඩනැගිල්ලයි. එවකට මෙහි තිබී ඇති විද්‍යා පුර්ව පන්ති සඳහා ළමුන් බඳවා ගත්තේ අංක ගණිතය, සාමාන්‍ය දැනීම ප්‍රශ්න පත්‍ර සහිත විභාගයක් තබා එහි ප්‍රතිඵල මතයි. 1972 වසරේ විද්‍යාගාරයේ ආරක්ෂාවට වීදුරු ජනේල වලට කම්බි දැල් ගැසීය. 1980-83 වසර වල විවිධ ප්‍රතිසංස්කරණයන්ට ලක් වූ විද්‍යාගාරයට ජල පහසුකම් ලැබුණේ 1985 දී එවක සිටි මාණ්ඩලික අධ්‍යාපන නිලධාරීතුමාගේ අදහසකට අනුවයි. 1985.07.11 උසස් පෙළ විද්‍යා අංශය ආරම්භ වූ අතර එය විද්‍යාලය නව මගකට යොමු කරන්නක් විය.
විද්‍යාලයට නව මාවතක් හා ළිඳක්…..
1968.05.20 ගම්සභාපතිතුමා හමු වූ විදුහල්පතිතුමන් විසින් පාසලට එන මාර්ගය තැනීම පිළිබඳව සාකච්ඡා කරන ලද අතර ක්‍රමවත්ව මාර්ගය තැනීමේ කාර්යය ආරම්භ වූයේ ඉන් අනතුරුවයි. එහෙත් 1971 වසරේ මේ මාර්ගය කුණු දමා අවහිර කිරීමට එදා අසල්වාසී කාන්තාවක් පෙළඹී තිබෙයි. එයට විසඳුම් ලෙස නැවත ගම්සභාපතිතුමා හරහා පාසලට නියමිත මාර්ගය පිළිසකර කර තිබෙයි. 1985.02.01 පාසලට එන මාර්ගය පළල් කිරීමට පාසල් සංවර්ධන සමිතිය ශ්‍රමදානයක් සංවිධානය කර ඇති අතර වර්තමානයේ ද පාසලට පැමිණීමට ඇති ප්‍රධාන මාර්ගය වන්නේ මෙයයි. කලක් තිස්සේ පාසලට අවශ්‍යව තිබූ ළිඳක් කැපීමේ කාර්යය 1978.11.09 දින ආරම්භ කර ඇත.
විද්‍යාලයේ දෙමළ අංශය…..
“අධ්‍යාපනයක් නොලැබ වතු දරුවන් නූගත් අය ලෙස වැඩෙන්නට ඇරීම අසාධාරණ බැව් ප්‍රතිපත්තියක් ලෙස පිළිගෙන වතු කම්කරුවන්ගේ දරුවන්ටත් කියවීම, ලිවීම, අංක ගණිතය විෂය වල මූලික අධ්‍යාපනයවත් ලබා දිය යුතුයි.” යන යෝජනාව මත ලංකාවේ වතු පාසල් 1890 දී පිහිටු වීය. 1947 එම පාසල් රජයේ පාලනයට නතු වූ අතර සිංහල හා දෙමළ සිසුනට අධ්‍යාපනය ලැබිය හැකි “පොදු පාසල්” බිහි වූයේ ඊට පසුවයි. වතු කම්කරු දරුවන් බොහෝමයක් සිටින ඇටම්පිටිය ප්‍රදේශයේ වතු කම්කරැ දෙමළ දරුවනට අධ්‍යාපනය ලැබීමට එවකට පාසලක් නොතිබිණි. “පොදු පාසල් සංකල්පය” යටතේ බ/ඇටම්පිටිය විද්‍යාලයේම දෙමළ වතු කම්කරු දරුවන්ට අධ්‍යාපනය ලබා දීමට සැලසුම් සකස් කෙරුනේද මේ යුගයේදීමය. එහි ප්‍රතිඵලයක් ලෙස 1952.06.04 දින ඌව අධ්‍යාපන නිලධාරිතුමන් හා සාකච්ඡා කිරීමෙන් පසුව 1952.06.09 දින විද්‍යාලයේ දෙමළ අංශය ආරම්භ විය.
තිබුණු ඉඩකඩ සීමිත හෙයින් උදයවරුවේ සිංහල අංශයේත් සවස්වරුවේ දෙමළ අංශයෙත් අධ්‍යාපන කටයුතු සිදුවිය. දෙමළ අංශයේ ඉගැන්වීම් කටයුතු කරන ලද්දේ අවම වශයෙන් කණිෂ්ඨ පාඨමාලා සහතික පත්‍ර විභාගයවත් සමත්, සහතික පත් ලත් දමිළ ගුරු පිරිසකි. දෙමළ අංශයට සිංහල ඉගැන්වීම සඳහා පත් වූ මුල්ම ගුරුවරිය වන්නේ 1969.07.01 දින වැඩභාරගත් G. K. කරුණාවතී නම් ගුරුතුමියයි. 1970 පමණ වන විට දෙමළ අංශයේ සිටි සිසුන් ගණන 130ක් පමණ විය.1987 වසර වන විට සිටිය යුතු දෙමළ ගුරු සංඛ්‍යාව 11ක් වුවත් සිටියේ ගුරුවරුන් තිදෙනෙක් පමණි.
1952 වසරේ සිට දෙමළ අංශයේ සිටි මුල් ගුරුවරු
1880 තෙක් ඈතට දිවෙන දීර්ඝතම ඉතිහාසයකට උරුමකම් කියන බ/ඇටම්පිටිය ජාතික පාසලේ මුලාරම්භය එයයි. සීමිත ළමුන් හා ගුරු පිරිසකගෙන් ඇරඹී විද්‍යාලයේ ඉතිහාසය අධ්‍යයනය කරන විට ඓතිහාසික මූලාශ්‍රයක් අධ්‍යයනය කරන්නා සේ හැඟෙයි. ඒ වර්තමානයේ නගර මධ්‍යයේ කුඩා කඳු ගැටයක පිහිටි ආඩම්භරයෙන් වැජඹෙන ඇටම්පිටිය ජාතික පාසල අධිරාජ්‍ය පාලන යුගය දක්වා ඈතට දිවෙන වටිනා ඉතිහාසයකට උරුමකම් කියන අගනා මිණි කැටයක් නිසයි.
1880-1900 පමණ වනතෙක් එම ස්ථානයේම පාසල පවත්වාගෙන ගියත් පාසලක් පවත්වාගෙන යාමට තරම් එම පරිසරය නුසුදුසු විය. එහෙයින් K. G. D. සුවාරිස් අප්පු මුදලාලි විසින් පාසලක් ඉදිකිරීමට විශාල බිම් කඩක් පරිත්‍යාග කළේය. වර්තමාන ක්‍රීඩා පිටිය පිහිටි ස්ථානයේ කෙළවරක මානං සෙවිලි කළ කුඩා විදුහලක් බිහිවූයේ එම ඉඩමේයි. මූලිකව ඉගැන්වීම් කටයුතු කිරීම එයින් ආරම්භ වූ අතර 1901 වර්ෂයේ විදුහලට නව ආලෝකයක් ගෙන ආවේ පරිත්‍යාග කරන ලද එම ඉඩමෙහි නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම නිසයි. (පසු කාලීනව නව ගොඩනැගිලි ඉදිවන තුරුම අධ්‍යාපන කටයුතු කලේ මේ ගොඩනැගිල්ලේයි.) මෙසේ ස්වභාෂා මිශ්‍ර පාසලක් ලෙස ඇටම්පිටිය විදුහල එවක අධ්‍යාපන ක්‍රමයට අනුව හැඩගැසෙන්නට වූයේ දිනෙන් දින දියුණුවට පත් වෙමිනි. (1999 වසර තෙක්ම ගොඩනැගිල්ලේ තිබුණේ ගුරු නිවාසයකි. එහෙත් පසුකාලීනව ඇටම්පිටිය පොලිස් ස්ථානය එහි ස්ථාන ගත කරන ලදී.)
ගොඩනැගිලි පහසුකම් ඉතා අවම මට්ටමක පැවතීම නිසා එදා විද්‍යා විෂය ඉගැන්වීම එතරම් පහසු වූයේ නැත. 1962 සිට 1969 තෙක්ම කාර්මික අංශයේම කොටසක අධ්‍යයන කටයුතු සිදුකෙරැණු විද්‍යා විෂය ඉගැන්වීම සඳහා ස්ථානයක අවශ්‍යතාව මෙකල තදින්ම දැනෙන්නට විය. ඒ අනුව 1966.06.30 දින නව විද්‍යාගාරයක් ඉදි කිරීමේ යෝජනා සහිත ලිපිය පාසලට ලැබුණි. එයින් වසර 03 කට පසුව 1969.02.12 දින වන විට කදිම විද්‍යාගාරයක් විද්‍යාලයට උරැම විය. එහි අධ්‍යයන කටයුතු ආරම්භයට අධ්‍යාපන අධ්‍යක්ෂකගෙන් අවසර ලැබුණු පසු 1969.03.21 සුභ මොහොතින් ඌව පලාත් අධ්‍යාපන අධ්‍යක්ෂතුමා අතින් විවෟත විය. එදා සිට අද දක්වාම පාසල් විද්‍යාගාරය ලෙස භාවිතා කරනුයේ එම විද්‍යාගාර ගොඩනැගිල්ලයි. එවකට මෙහි තිබී ඇති විද්‍යා පුර්ව පන්ති සඳහා ළමුන් බඳවා ගත්තේ අංක ගණිතය, සාමාන්‍ය දැනීම ප්‍රශ්න පත්‍ර සහිත විභාගයක් තබා එහි ප්‍රතිඵල මතයි. 1972 වසරේ විද්‍යාගාරයේ ආරක්ෂාවට වීදුරු ජනේල වලට කම්බි දැල් ගැසීය. 1980-83 වසර වල විවිධ ප්‍රතිසංස්කරණයන්ට ලක් වූ විද්‍යාගාරයට ජල පහසුකම් ලැබුණේ 1985 දී එවක සිටි මාණ්ඩලික අධ්‍යාපන නිලධාරීතුමාගේ අදහසකට අනුවයි. 1985.07.11 උසස් පෙළ විද්‍යා අංශය ආරම්භ වූ අතර එය විද්‍යාලය නව මගකට යොමු කරන්නක් විය.
1968.05.20 ගම්සභාපතිතුමා හමු වූ විදුහල්පතිතුමන් විසින් පාසලට එන මාර්ගය තැනීම පිළිබඳව සාකච්ඡා කරන ලද අතර ක්‍රමවත්ව මාර්ගය තැනීමේ කාර්යය ආරම්භ වූයේ ඉන් අනතුරුවයි. එහෙත් 1971 වසරේ මේ මාර්ගය කුණු දමා අවහිර කිරීමට එදා අසල්වාසී කාන්තාවක් පෙළඹී තිබෙයි. එයට විසඳුම් ලෙස නැවත ගම්සභාපතිතුමා හරහා පාසලට නියමිත මාර්ගය පිළිසකර කර තිබෙයි. 1985.02.01 පාසලට එන මාර්ගය පළල් කිරීමට පාසල් සංවර්ධන සමිතිය ශ්‍රමදානයක් සංවිධානය කර ඇති අතර වර්තමානයේ ද පාසලට පැමිණීමට ඇති ප්‍රධාන මාර්ගය වන්නේ මෙයයි. කලක් තිස්සේ පාසලට අවශ්‍යව තිබූ ළිඳක් කැපීමේ කාර්යය 1978.11.09 දින ආරම්භ කර ඇත.
“අධ්‍යාපනයක් නොලැබ වතු දරුවන් නූගත් අය ලෙස වැඩෙන්නට ඇරීම අසාධාරණ බැව් ප්‍රතිපත්තියක් ලෙස පිළිගෙන වතු කම්කරුවන්ගේ දරුවන්ටත් කියවීම, ලිවීම, අංක ගණිතය විෂය වල මූලික අධ්‍යාපනයවත් ලබා දිය යුතුයි.” යන යෝජනාව මත ලංකාවේ වතු පාසල් 1890 දී පිහිටු වීය. 1947 එම පාසල් රජයේ පාලනයට නතු වූ අතර සිංහල හා දෙමළ සිසුනට අධ්‍යාපනය ලැබිය හැකි “පොදු පාසල්” බිහි වූයේ ඊට පසුවයි. වතු කම්කරු දරුවන් බොහෝමයක් සිටින ඇටම්පිටිය ප්‍රදේශයේ වතු කම්කරැ දෙමළ දරුවනට අධ්‍යාපනය ලැබීමට එවකට පාසලක් නොතිබිණි. “පොදු පාසල් සංකල්පය” යටතේ බ/ඇටම්පිටිය විද්‍යාලයේම දෙමළ වතු කම්කරු දරුවන්ට අධ්‍යාපනය ලබා දීමට සැලසුම් සකස් කෙරුනේද මේ යුගයේදීමය. එහි ප්‍රතිඵලයක් ලෙස 1952.06.04 දින ඌව අධ්‍යාපන නිලධාරිතුමන් හා සාකච්ඡා කිරීමෙන් පසුව 1952.06.09 දින විද්‍යාලයේ දෙමළ අංශය ආරම්භ විය.
තිබුණු ඉඩකඩ සීමිත හෙයින් උදයවරුවේ සිංහල අංශයේත් සවස්වරුවේ දෙමළ අංශයෙත් අධ්‍යාපන කටයුතු සිදුවිය. දෙමළ අංශයේ ඉගැන්වීම් කටයුතු කරන ලද්දේ අවම වශයෙන් කණිෂ්ඨ පාඨමාලා සහතික පත්‍ර විභාගයවත් සමත්, සහතික පත් ලත් දමිළ ගුරු පිරිසකි. දෙමළ අංශයට සිංහල ඉගැන්වීම සඳහා පත් වූ මුල්ම ගුරුවරිය වන්නේ 1969.07.01 දින වැඩභාරගත් G. K. කරුණාවතී නම් ගුරුතුමියයි. 1970 පමණ වන විට දෙමළ අංශයේ සිටි සිසුන් ගණන 130ක් පමණ විය.1987 වසර වන විට සිටිය යුතු දෙමළ ගුරු සංඛ්‍යාව 11ක් වුවත් සිටියේ ගුරුවරුන් තිදෙනෙක් පමණි.
- K. M. මොන්නකුලම මහතා 1952.06.04 – 1961
- S. සුන්දරමුර්ති මහතා 1961 – 1971
- S. තේවරාජන් මහතා 1971 – 1972
- K. පොන්නම්බලම් මහතා 1972 – 1973
- K. ක්‍රිෂ්ණපිල්ලෛ මහතා 1973 – 1976
- S. සුබ්‍රමනියම් මහතා 1990
සමහර වර්ෂ වල මුල් ගුරුවරුන් ලෙස සිංහල අංශයේ විදුහල්පතිවරුන්ම කටයුතු කර ඇත.) ගුරුවරුන් හිඟකම, විෂය නිර්දේශ නොමැතිකම, ඉගැන්වීම අසාර්ථක වීම ආදී හේතූන් නිසා 1991.06.11 දින දෙමළ අංශයේ 6 වසර සිට ඌව හයිලන්ඩ් විද්‍යාලයට ගෙන යාමට අවසර ලැබිණි. 1991.06.13 දින දෙමළ සිසුන්ගේ දෙමාපියන්ට විශේෂ රැස්වීමත් තබා ඒ පිළිබඳව දැනුවත් කරන ලද අතර 1992 වසර වන විට ඇටම්පිටිය දෙමළ විද්‍යාලයේ ඉඳිකිරීම් කටයුතුද ආරම්භ වී තිබිණි. 1995 වසර වන විට ඇටම්පිටිය දෙමළ විද්‍යාලය ආරම්භ විය. මෙසේ ඇටම්පිටිය විවේකානන්ද දෙමළ විද්‍යාලයේ ආරම්භයට මූලබීජය සැපයුවේ ඇටම්පිටිය විදුහලයි.සෑම දරුවකුටම අධ්‍යාපනය…..
“ සැමට අධ්‍යාපනය ලබා දිය යුතුයි” 1931 දී කන්නංගර මැතිතුමා රාජ්‍ය මන්ත්‍රණ සභාවේදී ප්‍රකාශ කිරීමත් සමඟ අධ්‍යාපන අවස්ථා සුලබ කිරීමේ අවශ්‍යතාව සැමට දැනුණි. එහෙත් මේ වකවානුවෙහි රටේ වූ ආර්ථික පරිහානිය නිසා අධ්‍යාපනය වෙනුවෙන් අධික මුදල් ප්‍රමාණයක් වැය කිරීමට රජයට නොතිබුණි. “ මේ ඉතා සකසුරුවමින් යුතුව අධ්‍යාපනයට මුදල් වැය කල යුතු යුගයකැයි” එදා අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කලේ එහෙයිනි. මේ නිසා අමතර වියදමකින් තොරව තිබෙන පාසල් ගොඩනැගිලි වලට අමතර පාසල් හෝ පන්ති පැවැත්වීම සුදුසු යැයි යෝජනා කර දෙවරු පන්ති ක්‍රමය ආරම්භ වී ඇත. එමඟින් සාමාන්‍ය වශයෙන් ඇතුළත් කළ හැකි ශිෂ්‍ය සංඛ්‍යාවට වඩා වැඩි ශිෂ්‍ය සංඛ්‍යාවක් ඇතුළත් කිරීමට හැකියාවක් ලැබුණි. ඒ අනුව, ඇටම්පිටිය පාසල තුළින් ක්‍රියාත්මක වූවා යැයි සිතිය හැක්කේ එවැනි පාසල් ක්‍රමයකි.- කම්කරු වතු දරුවනට අධ්‍යාපනය ලබා දීමට පාසලක් නොතිබූ නිසාත්,
- එදා පාසල සතුව තිබුණේ එකම විශාල ගොඩනැගිල්ලක් පමණක් නිසාත්,
- තවත් පාසලක් ඉදිකිරීමට තරම් වත්කමක් රජයට නොතිබූ නිසාත්, ඇටම්පිටිය විද්‍යාලයේ දෙවරු පන්ති ක්‍රමය ආරම්භ වී ඇතැයි සිතිය හැක.
ඒ අනුව සිංහල අංශයේ 1-7 ශ්‍රේණි උදේ 8-1.40 තෙක් උදේ වරුවේ ද හවස් වරුවේ දෙමළ අංශයේ අධ්‍යයන කටයුතු ද සිදු කර ඇත. 1931 වර්ෂයේදී ලංකාවේ පාසල් යන ළමුන් අතරින් පාසල් ගියේ ළමුන් 07 දෙනෙකුගෙන් 04 දෙනෙකු පමණි.මහජනයාට මූලිකව අධ්‍යාපනයක් ලබා දීමටවත් නොහැකි වීම එදා විශාල ගැටවලුවක් විය. කෙසේ හෝ දරුවන් පාසලට ගෙන්වා ගැනීමට එකල විවිධ වූ ක්‍රියා අනුගමනය කරන්නට විය. පාසලට නොඑවන දරුවන්ගේ දෙමාපියන්ට නඩු පැවැරීමට එකල පාසලට අනුමැතිය ලබා දී තිබුණි. ඒ අනුව අප විද්‍යාලයේ පාසලට නොඑවන දරුවන්ගේ දෙමාපියන්ට විරුද්ධව නඩු දමා නොතීසි නිකුත් කොට ඇත.
1942 වසරේ දිනපතා ශිෂ්‍ය පැමිණීම වඩා දුර්වල තත්ත්වයක තිබී ඇත. ඒ පිළිබඳව පරීක්ෂාවට ලක්කර ළමුන් පාසලට ගෙන්වා ගැනීමට නිරන්තර කටයුතු කර තිබෙන අතර, පාසලට ඇතුළත් කර නොමැති පාසල් යන වයසේ දරුවන්ගේ දෙමාපියන්ට නඩු දමා ඇත. එහි ප්‍රතිඵලය වූයේ 1942.07.10 දින වන විට 286ක් වූ ශිෂ්‍ය සංඛ්‍යාව 1942.09.22 දින වන විට 299 දක්වා වර්ධනය වීමයි. එවකට සිටි සිසුන් වැඩි ප්‍රමාණයක් ආර්ථික දුෂ්කරතා වලින් පීඩිතව සිටි අතර බොහොමයක් දෙනා අධිරාජ්‍යවාදී පාලනයෙන් පීඩිතව වතු සේවයේ නියුක්තව ඇත. එම දරුවනට පාසලට නියමිත වේලාවට පැමිණිය නොහැකි වී තිබේ. එහිදී විද්‍යාලයේ විදුහල්පතිතුමා මානුෂිකව ඒ පිළිබඳව සලකා කටයුතු කර ඇත. වතු වැඩට ගොස් පාසලට ඒමට ප්‍රමාද වූ දරුවන්ගේ නම නාමලේඛනයේ නොපැමිණීම ලකුණු කරන ලද මුත් පාසලට ප්‍රමාද වී පැමිණිය හොත් රතු තීන්තෙන් පැමිණි බවට ලකුණු කිරීම එයට කදිම සාක්ෂියකි. ඇටම්පිටිය යනු කලකට සීතල මීදුමෙන් වැසී යන, නිරන්තර පින්නෙන් වැස්සෙන් පීඩා පිරි පරිසරයක් සහිත නගරයකි.
- සිසුන්ගේ ඇඳුම් තෙමීම
- අධික සීතල හා මීදුම ස්වභාවය
- පන්ති කාමර තෙත බරිත වී තිබීම.
- ඩෙස් පුටු වල අසුන් ගත නොහැකි ලෙස තෙමී තිබීම
- අධික සුළං සහිත ස්වභාවයන් නිසා සිසු සුභසිද්ධිය පතා වරෙක පාසල නියමිත වේලාවට පෙර වසා දමා ඇත.
විටෙක පාසලට නිවාඩු ලබා දීම පවා සිදුව තිබේ. එවකට පාසල් පරිසරය තුළ තිබූ අඩු පහසුකම් තත්ත්වය මත සිදු වී ඇත. නමුත් වර්තමානයේ දරුවනට එසේ පීඩාකාරී ලෙස දවස ගෙවීමට සිදු නොවනුයේ පාසල් පරිසරය ඇටම්පිටිය දේශගුණයට අනුව සකස් කොට ඇති නිසයි.
1948 වසරේදී විද්‍යාලයේ සිසුන්ට ඉගැන්වීම සඳහා රජයෙන් ලබා දෙන සුදු හුණු කූරු තිබී නැත. එහිදී දරුවන් පිළිබඳව සළකා ශත 2 ½ කට සුදු හුණු කූරු මිලට ගෙන අධ්‍යයන කටයුතු කළේ ගුරු පිරිස් දරුවන්ගේ සුභසිද්ධිය නිරන්තරයෙන් පැතූ නිසයි. පාසල යනු දරුවා යහමඟට ගන්නා තෝතැන්නකි යන්න සනාථ කරමින් සමාජ සේවා කටයුතු කෙරෙහි සිසු මනස යොමු කර තිබෙයි. 1967 වසරේදී අධික වර්ෂාව නිසා පස් කන්දකට යටවූ නිවසක පස් ඇද දී එම නිවැසියන්ට උදව් උපකාර කිරීම මෙයට කදිම සාක්ෂියකි. මෙවැනි සමාජ සේවා කටයුතු රාශියක් එදා ගුරු සිසු මැදිහත් වීමෙන් සිදු කර තිබෙන බවත් පෙනේ.දරුවන්ට ආහාර වේලක්…..
විද්‍යාලයේ දරුවනට පෝෂ්‍යදායීී දිවා ආහාර වේලක් ලබා දී තිබෙයි. පාසලෙන් වවා ගත් බෝගයන්ම ඒ සඳහා මුල් කාලීනව යොදා ගෙන තියෙයි කෑම පිසීම සඳහා සිටියේ T. යසෝහාමි නැමැත්තියකි.
1947.07.18 විද්‍යාලයට පැමිණි තේ ප්‍රචාරක මණ්ඩලය මඟින් දරුවනට තේ පැන් දීමට යෝජනා කර ඇත. ඒ අනුව තේ ප්‍රචාරක මණ්ඩලය අනුග්‍රහයෙන් විදුහලේ දරුවන්ට කලක් යන තුරු තේ පැනින් සංග්‍රහ ලබා දී තිබෙයි.
1960 ගණන්වලදී රජයෙන් ලබාදුන් බනිස් හා කිරි දරුවනට ලබා දී ඇති අතර බක්කරේ ලෙස සිටියේ සෝමපාල නම් තැනැත්තෙකි. තේ ලබා දුන්නේ තෝමස් නම් අයෙකි.
1966 දී කිරි වීදුරු සකසා ඇත්තේ ළමුන් විසිනි.
1989.05.24 දින ජනපති යෝජනාවක් අනුව ක්‍රියාත්මක වූ බනිස් හා කිරි වීදුරුවක් ලබා දීමේ වැඩසටහන මෙම විද්‍යාලයේද ක්‍රියාත්මක වී තිබේ.දෙමාපියන්ගෙන් පාසලට ගොඩනැගිල්ලක්…..
නියමාකාර අධ්‍යාපනයක් ලැබීමේදී මෙන්ම ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි වීමේදී පාසලේ ඉඩකඩ ප්‍රමාණවත් නොවී අලුත් ගොඩනැගිලි ඉඳිකිරීමට රජයට වත්කමක් නොවූ නිසා දෙමාපියන් විසින් ස්වකීය ශ්‍රමය හා වියදමින් පාසලේ ගොඩනැගිල්ලක් සදා දීමට කටයුතු යොදා ඇත. 1966.12.20 දින ගුරු දෙගුරු සමිතිය මඟින් 60’‹20’ ගොඩනැගිල්ලක් සාදා දීමේ ගිවිසුම අත්සන් කිරීම මෙයට කදිම සාක්ෂියකි.
1967.03.29 මුල්ගල තබා අත්තිවාරම් දමා ගොඩනැගිල්ල ඉඳිකිරීම ආරම්භ කර තිබෙයි. කලින් කලට ප්‍රතිසංස්කරණය කරමින් අදටත් එම ගොඩනැගිල්ල විද්‍යාලයේ දක්නට ලැබේ. වර්තමානයේ ‘වික්‍රමශිලා’ ශාලාව නමින් හඳුන්වන්නේ එම ශාලාවයි.
1967.07.21 දින ගුරු දෙගුරු රැස්වීමක දී නාට්‍ය ශාලාවක් ඉඳිකිරීමට මුදල් එකතු කළ යුතුයැයි තීරණය කොට ඇති අතර එසේ ඉදිවුනේ කුමන ගොඩනැගිල්ලද යන්න පිළිබඳව සාක්ෂි සොයා ගැනීමට නොහැකි විය.පාසලට නව ඉදිකිරීම් කිහිපයක්…..
ක්‍රමවත්ව අධ්‍යාපනය නගා සිටුවමින් සංවර්ධනය වෙමින් ඉදිරියට යන විදුබිමෙහි නව එළියක් ඇතිවුනේ අලුතින් ගොඩනැගිලි කිහිපයක් එකතුවීමෙනි. 1969 වර්ෂය වන විට විද්‍යාලයේ වාණිජ අංශය පවත්වා ගෙන යාමට නිසි තැනක් නොතිබිණි. ඒ සඳහා ඉතිරිව තිබුණේ 20’‹ 20’ කුඩා කාමරයකි. එය කිසි සේත් ප්‍රමාණවත් වූයේ නැත. එසේම ගෘහ විද්‍යාගාරයට, නැටුම් සංගීත විෂයට පමණක් නොව පුස්තකාලයටවත් සුදුසු ස්ථානයක් නොතිබිණි. එදා පුස්තකාලය ස්ථානගත කිරීමට බලාපොරොත්තු වූ ස්ථානය ගුරු නිවාසයක් ලෙස භාවිතා කරන්නට වීම නිසා ගැටළු රාශියක් මතුවුනේ ඉඩකඩ ප්‍රමාණවත් නොවු නිසාය.
ඒ අනුව,
1976 – ගෘහ විද්‍යාගාරය හා විද්‍යාගාරය අසල හිස් වූ බිම් කොටස විදුහල්පති නිල නිවසට යෝග්‍ය යැයි තීරණය කරමින්, වැඩ කටයුතු ආරම්භ වී 1977.01.01 සිමෙන්ති හිඟයක් නිසා හදිසියේ වැඩ නතර කරමින්, නැවත ඉදිකිරීම් කටයුතු ආරම්භ කර නිම කළ ගුරු දෙගුරු සමිතිය මඟින් ඉදි කරන ලද නව නිල නිවසත්,
නැවත ප්‍රතිසංස්කරණය කොට (දොර, ජනෙල්, උලුවහු නැවත දමා) මනාව සකස් කරන ලද පැරණි ගුරු නිවසත්, 1977.11.03 60’‹20’ ගොඩනැගිල්ලකට සුදුසු බිම් තීරුවක් තෝරාගෙන 1978.02.20 වැඩ ආරම්භ කර ගොඩනැගුණු ගොඩනැගිල්ලත්, (පැරණි කාර්යාලය තිබු ගොඩනැගිල්ල, වර්තමානයේ ගණිත අංශය, 10 ශ්‍රේණි පන්ති කාමර පවත්වාගෙන යන ගොඩනැගිල්ල) 1981.04.03 – පැරණි පුස්තකාල ගොඩනැගිල්ල කෘෂි අංශයට ලබාදී නව පුස්තකාල ගොඩනැගිල්ලත්,
1984.06.08 නව දෙමහල් ගොඩනැගිල්ලකට යෝජනා ඉදිරිපත් වීමෙන් පසු 1985.07.01 ඉදි වූ නව දෙමහල් ගොඩනැගිල්ලත්,
1986.02.28 නව ගොඩනැගිලි දෙකක් ඉදිකිරීමේ යෝජනා වලින් පසු 1986.09.14 ප්‍රාථමික අංශයේ නව ගොඩනැගිලි 2, කොඩි කණු පීඨය, නවීකරණය කරන ලද ක්‍රීඩා පිටියත්,
1993.03.20 විද්‍යාලයේ ප්‍රධාන ගේට්ටුව අසල කොන්ක්‍රීට් කණු දමා කම්බි ගසා වැට සකස් කළ ප්‍රධාන පිවිසුම් දොරටුවත්,
1993.04.08 පාසලේ නව දන්ත චිකිත්සාගාරයක් , (1992 වසරේ දරුවන්ගේ දත් පරීක්ෂා කළේ ජංගම දන්ත චිකිත්සාගාරයකිනි.) විද්‍යාලයට අලුතින් එකතු වූ නව ඉදිකිරීම් කිහිපයකි.
තාවකාලික ගොඩනැගිල්ලක් ලෙස එදා තිබූ ක්‍රීඩාපිටිය අසල වූ පැරණි ගොඩනැගිල්ලේ 1980 සිට විද්‍යාලයේ සිංහල දෙමළ ප්‍රාථමික අංශ පවත්වාගෙන යන ලදි. ප්‍රාථමික අංශය සඳහා වෙන් කරන ලද එම ගොඩනැගිල්ල 1986.03.04 දින කඩා ඉවත් කරන ලද්දේ එහි තිබූ පන්ති කාමර 03 වන 3, 4, 5 ශ්‍රේණි පන්ති තාවකාලිකව සවස්වරුවේ පැවැත්වීමට තීරණය කරමිනි. 1986 වසරේ පැරණි ගොඩනැගිල්ලේ වහල, පරාල දිරාපත්ව තිබූ බැවින් එයද ප්‍රතිසංස්කරණය කර ඇත. 1998.01.15 දී පළමු ශ්‍රේණියට ඇතුල් කරන ළමුන්ගේ දෙමාපියන්ගෙන් ප්‍රාථමික අංශයට රු. 17000ක වියදමින් වැසිකිලියක් ඉදිකර දී තිබේ.
විද්‍යාලයේ ළමා උයන…..
1979 වසරේදී වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය විද්‍යාලයට වැදගත්ම වූ දිනයකි. බදුල්ල දිස්ත්‍රික් ඇමතිතුමා, මොණරාගල දිස්ත්‍රික් ඇමතිතුමාගේ සහභාගීත්වයෙන් පැවති මෙම උළෙල වඩා උත්කර්ෂවත් ලෙස පැවැත්වුණි. ඒ පිළිබඳව ප්‍රශංසාත්මක මුඛයෙන් කතා කළ බදුල්ලේ ජෝන් මඩවල මහතා රු. 2500ක මුදලක් පාසල් සංවර්ධන සමිතියට පරිත්‍යාග කලේ ළමා උයනක් ඉදි කිරීම සඳහායි. එම ත්‍යාග මුදලින් ඔන්චිල්ලා 02ක්, සීසෝ 02ක් සහිත අලංකාර ළමා උයනක් ඉදි විය. ජෝන් මඩවල මහතා අතින් සුභ මොහොතින් විවෘත වූ එම ළමා උයන අදටත් විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ දරුවන්ගේ සතුට උදා කරදෙයි.
විද්‍යාලයේ ආගමික නැමියාව……
බෞද්ධාගමික පරිසරයක් තුළ හැදී වැඩුණු දරු පිරිසකගෙන් යුක්ත ඇටම්පිටිය විදුබිමෙහි සෑම කාර්යයක්ම ආරම්භ වූයේ ආගමික වතාවත් වලින් පසුවයි. 1967 වසරේ පෝය දින රජයේ නිවාඩු දිනයක් බවට පත් කළ දා ආගමික වතාවත් වලට මූලික තැනදී, රෝහලේ රෝගීන්ට ආහාරයෙන් සංග්‍රහ කොට දැඩි උද්යෝගයකින් කටයුතු කළ ආකාරය වාර්තාවල සටහන්ව ඇති අයුරින් මේ පරිසරය තුළ වූ ආගමික නැමියාව මනාවට පැහැදිලි වෙයි.
1971 වසරේ 8 ශ්‍රේණියේ ළමුන් විසින් M. M. B. රත්නායක නියෝජ්‍ය විදුහල්පතිතුමාගේ මඟ පෙන්වීම යටතේ හැමදෙනාටම ආදර්ශ සපයමින් ආගමික සඟරාවක් වන “පුබුදු” දහම් සඟරාව එළි දක්වන ලද අතර එම කෘතිය පුස්තකාලයට පරිත්‍යාග කරන ලදි.
ආගමික වතාවත් වලින් සියලු කටයුතු ආරම්භ වූවද පන්ති කාමර වල බුදු කුටිය මිස බුදු මැදුරක් විදුහලට තිබුණේ නැත. පාසලට නව ආලෝකයක් එක් කරමින් ගුරු දෙමාපිය සහභාගිත්වයෙන් නව බුදු මැදුරකට මුල් ගල තැබූයේ 1975.10.22 දිනයි. බුදු මැදුරෙහි වහලය සඳහා ගස් ලබා ගත්තේ රජයෙනි. ගුරු දෙගුරුන්ගේ උත්සාහය සඵල වෙමින් 1976.12.02 විද්‍යාලයේ බුදු මැදුර උත්සවශ්‍රියෙන් විවෘත විය.
ඒ වෙනුවෙන් සර්ව රාත්‍රික පිරිත් දේශනයක් ද, භික්ෂු වහන්සේ 25 නමකට දානයක්ද ලෙස පින්කම් මාලාවක් සිදුකලේ වාර්ෂිකව එම චාරිත්‍රය සිදු කිරීමේ අටියෙනි. 1976 න් පසු මෙම පින්කම් මාලාව විදුහල තුළ ක්‍රියාත්මක කෙරී තිබුණු අයුරින් එය මනාව පැහැදිලි වේ.
මේ සියල්ල සංවිධානය වූයේ එවකට විදුහලේ බෞද්ධ ශිෂ්‍ය සංගමය හා ගුරු දෙමාපිය දායකත්වය හරහායි. එදා පටන් අද දක්වාම සෑම වසරකම වෙසක් පොසොන් නිමිති කොටගෙන බුදු මැදුර ප්‍රතිසංස්කරණය කෙරේ.
වෙසක් පත් නිර්මාණ තරඟ, වෙසක් කූඩු නිර්මාණ තරඟ සංවිධානය කෙරේ.
එදා සිට අද දක්වාම උදෑසන බුද්ධ පූජාව බුදු මැදුරට පූජා කිරීම පන්ති කාමර මට්ටමින් සිදුවන අතර සෑම වසරකම පොසොන් පොහොය නිමිති කරගෙන සීල සමාදාන වැඩසටහන් පවත්වනුයේ ගුරු ශිෂ්‍ය සියල්ලගේම සහභාගීත්වයෙනි.
විද්‍යාලයට ආපන ශාලාවක්…..
දරුවන් සමඟ කටයුතු කරන හැමවිටම ඔවුන්ගේ ක්‍රියාකාරකම් හමුවේ වැඩිහිටියන් උපක්‍රමශීලි විය යුතුය. අඩම්තේට්ටම් කරමින් ඔවුන් පාලනය කිරීමට යාම එතරම් සුභදායී නොවන්නේ ශිෂ්‍යයින් බොහෝ විට ආවේගශීලි මනස් ඇත්තවුන් හෙයිනි. 1960 ගණන්වල මෙම පාසලට ගැටලුවකට මුහුණදීමට සිදුවිය. නගරය ක්‍රමයෙන් ජනාකීර්ණ වීමත් සමඟ සිසු අවශ්‍යතාවයන් පෙරට වඩා වැඩිවන්නට විය. ඔවුහු නොයෙක් හේතු මත නගරයේ සැරිසරන්නට වූයේ “තේ බීමට” යැයි පවසමිනි. මේ තත්ත්වය ගැටලුවකට මුල බැව් දත් විදුහල්පතිතුමා ඊට විසදුම් ලෙස පාසලේ ආපන ශාලාවක් ඇති කිරීමට යෝජනා කළේය.
1966.05.19 දින ආරම්භ වූයේ එම ආපන ශාලාවයි. 1932 ගොඩනගන ලද පැරණි ගොඩනැගිල්ලේ කුඩා කාමරයක (වර්තමානයේ කෘෂි ඒකකය) ආපන ශාලාව පවත්වාගෙන ගොස් ඇත. අද වන විට එය ඉහළ දෙමහල් ගොඩනැගිලි දෙක අතර කුඩා කාමරයක පවත්වාගෙන යයි.
විද්‍යාලයේ ක්‍රීඩා අංශය…..
1901 වසරේදී විදුහලේ මුල්ම ගොඩනැගිල්ල ඉදි වූ ගොඩනැගිල්ල ඉදිරියේ කුඩා ක්‍රීඩා පිටියක් වැනි බිම් තීරුවක් විය. ක්‍රීඩා අංශයේ දියුණුවත්, ශිෂ්‍ය සංඛ්‍යාවේ වර්ධනත් සමඟ එම බිම් තීරුව ක්‍රීඩා පිටියකට තරම් ප්‍රමාණවත් නොවීය.
එවක අධ්‍යාපන රටාවට අනුව වැඩකිරීමේ දිනය වැනි දිනවලදී පාසල් දරු දැරියන් හා ගුරු පිරිස් එකතුව පිට්ටනිය ටිකෙන් ටික විශාල කරන්නට වූහ. 1967.06.27 දින වැඩ හුරු කිරීමේ දිනය ඊට කදිම සාක්ෂි සපයයි. 1971.03.24 දින මිනිසුන් 400 කගේ සහභාගීත්වයෙන් විදුහල් ක්‍රීඩා භූමිය සකස් කිරීමේ මහා ශ්‍රමදානයක් පැවැත්වීම එවක පැවැති පාසල හා ප්‍රජාව අතර වූ සබඳතාව මනාව පෙන්නුම් කරයි. ක්‍රම ක්‍රමයෙන් විශාල වූ ක්‍රීඩා පිටිය සකස් කිරීමේ කටයුතු 1971.06.25 දින වඩාත් සංවර්ධනාත්මකව දැක ගත හැකි විය. බුල් ඩෝසර් මැෂිමක් ආධාරයෙන් ක්‍රීඩා භූමියේ වැඩ කටයුතු සිව් දිනකින් නිම වූ අතර ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යංශයෙන් රු. 2000ක් ද ගුරු දෙගුරු සමිතියෙන් රු. 1300ක්ද ප්‍රතිපාදන වශයෙන් ලැබුණි. ක්‍රීඩා පිටිය සැකස්මට ප්‍රතිපාදන එවක අධ්‍යාපන නියොජ්‍ය ඇමතිව සිටි සමරවීර වීරවන්නි මහතා මූලිකත්වය ගත්තේ එතුමාත් මෙම විදුහලේ ආදි ශිෂ්‍යයෙකු නිසයි.
1986 වසරේ පාසලේ මුල්ම ගොඩනැගිල්ල කඩා ඉවත් කළ පසු තව දුරටත් විශාලත්වයෙන් යුතු ක්‍රීඩා පිටියක උරුමය විදුහලට ලැබුයේ 1986.06.13 ක්‍රීඩා පිටියේ විශාල කිරීම් කටයුතු නැවත ආරම්භ වූ හෙයිනි. ආරම්භ වූ දා පටන් ම ක්‍රීඩා අංශය වඩා ඉහළ මට්ටමක පැවතී ඇත. අන්තර් මාණ්ඩලික තරඟ වලට සෑම වසරකම සිසුන් යොමු කිරීම, ඒ තරඟ වලින් ජයග්‍රහණය කර තිබීම එයට සාක්ෂියයි. එදා අද දක්වාම ඉතා උත්කර්ෂවත් ලෙස සෑම වසරක ක්‍රීඩා තරඟ සඳහා නියමිත පුහුණුවීම් කටයුතු නිසි ලෙස කරමින් තරඟ සඳහා යොමු කරනු ලබයි.
• 1946 වසරේ දෙහිවිනි පළාතේ ක්‍රීඩා උලළේ දී ප්‍රධාන කුසලානය හිමි කර ගත්තේ මෙම විද්‍යාලයයි.
• 1951 වසර වන විට ප්‍රබල වොලිබෝල්, නෙට්බෝල් කණ්ඩායම් සිටි අතර,
• 1966 විජය, පැරකුම්, ගැමුණු නිවාස වලට බෙදා ක්‍රීඩා තරඟ පැවැත්වූයේ අති උත්කර්ෂවත් අන්දමිනි. ඔලිම්පික් ක්‍රීඩාවල ආරම්භය සිහිගන්වන ආකාරයේ ක්‍රීඩා උත්සවයක් විද්‍යාලයේ පැවති බව එදා තබා ඇති සමරු වලින් මනාව පෙනේ.
• ක්‍රීඩා අංශයේ දියුණුවට 1967 වසර වන විට ක්‍රීඩා අරමුදලක් පිහිටුවාගෙන තිබුණි. එම අරමුදලට මුදල් රැස් කරගෙන ඇත්තේ විවිධ ප්‍රසංගයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කොට, ටිකට් පත් මුද්‍රණය කොට ඒවා අවට විදුහල්වලට හා ගම් වැසියන්ට අලෙවි කිරීමෙනි.
• 1966 සමස්ත ලංකා මළල ක්‍රීඩා තරඟ ජයග්‍රහණ රැසක් විද්‍යාලයට හිමිව තිබේ.
• 1985 වසරේ සතියට දින 03ක් මිනිත්තු 15ක කාලයක් ශාරීරික අභ්‍යාසවල සියලුම සිසුන් නිරත විය යුතුයි යන්න ක්‍රියාවට නංවමින්, නිරන්තර ශාරීරික අධ්‍යාපන වැඩසටහන් එදා සිට අද දක්වාම ක්‍රියාත්මක වේ.
• 1969 වසරේ ලංකාවේ ක්‍රියාත්මක වූ සියවස් සැමරුම්හීදි විද්‍යාලයේ විවිධ උත්සව සංවිධානය වූ අතර ක්‍රීඩාවක් ලෙස ‘මල්ලව පොර’ ක්‍රීඩාවද තිබී ඇති බැවින් පෙනී යන්නේ එවකට මල්ලව පොර ක්‍රීඩාවත් මෙහි පැවති බවයි.
• 2017 වර්ෂය වන විට ක්‍රීඩා ධජයක් විද්‍යාලයට නොතිබුණි. 2018 වසරේ පාසල් නිවාසාන්තර ක්‍රීඩා උළෙලදා නව පාසල් ක්‍රීඩා ධජය ඉහළ අහසේ ලෙළදෙන්නට විය.
විද්‍යාලයේ ආරක්ෂාව තහවුරු කිරීම…….
විද්‍යාලයේ ආරක්ෂාව සඳහා විද්‍යාලය වටා ආරක්ෂක කටු කම්බි ඇදීමට කටයුතු කර ඇත. එසේම 1967 වසරේ මුර සේවයේ දුටු අක්‍රමිකතා මැඩලීමට කටයුතු කර ඇති අයුරු රාත්‍රී මුර සේවයේ ක්‍රමවත් කිරීමට රාත්‍රියේ පැයක් පාසා සීනුව නාද කිරීමට මුරකරුට සිදුවූයේ එහෙයිනි. 1988 – 89 කාල වකවානුවේ රටේ පැවති අර්බුදකාරීතාවය තුළ ආරක්ෂක කටයුතු සඳහා දෙමාපිය දායකත්වය උපරිමයෙන් ලබා ගෙන ඇත. ඒ සඳහා ‘ආරක්ෂක කමිටු’ පිහිටුවීය. විදුහලේ ආරක්ෂාව පතා එහිදී,
1988.05.26 – 1988.06.01 දින තෙක් හා 1988.10.12 – 1988.12.02 දින තෙක් පාසල වසා දමා ඇත.
මාසික ගුරු වැටුප් ගෙවීම……
1931 කන්නන්ගර සමයට පෙර රජයේ ආධාර ලබන පාසල් වල ගුරුවරුනට මාසික වැටුප් ගෙවීමේ ක්‍රමයක් නොතිබිණි. 1935 දී මෙම ක්‍රමය අවලංගු කර පාසල් වල ගුරුවරුන්ගේ වැටුප් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මඟින් මාස් පතා ගෙවීමට නියෝග කිරීමත් සමඟ “ගුරු මාසික වැටුප් ක්‍රමය” ආරම්භ විය. ඒ අනුව බ/ඇටම්පිටිය විද්‍යාලයේ ගුරු වැටුප් ගෙවන ලද්දේ හාලි ඇල තැපැල් කාර්යාලය (කන්තෝරුව) හරහාය. විදුහල්පතිතුමා විසින් යවන ගුරු නියෝජිතයින් ලවා එම වැටුප් පාසලට ගෙන්වාගෙන වැටුප් ගෙවීම කර ඇත. බැංකු හරහා වැටුප් ගෙවීම් එවක සිදු නොවූ අතර 1971.10.21 දින බණ්ඩාරවෙල මහජන බැංකුව හරහා මුල් වරට ගුරු වැටුප් ලබා ගනු ලැබුයේ එවක විද්‍යාලයේ විදුහල්පතිතුමන්ව සිටි A. R. M. R. රත්නායක මහතා විසිනි. එදා සිට අද දක්වා ගුරු වැටුප් ගෙවීම බැංකු හරහාම සිදුවෙයි. ලංකාව පුරා ක්‍රියාත්මක වූ ලෙස 1995.10.20 දින සිට මෙම විද්‍යායෙත් ගුරු වැටුප් ගෙවුයේ චෙක්පත් මඟිනි.
ඇටම්පිටිය විදුහල් අධ්‍යාපනය වෘත්තිමය නිපුණතා ලබා දීමේ අරමුණේ ක්‍රියාත්මක වූ අයුරු……
ග්‍රාමීය අධ්‍යාපන ක්‍රමයක් ලෙස 1932 ඇරඹී හන්දෙස්ස ග්‍රාමීය අධ්‍යාපන යෝජනා ක්‍රමය වූ කලි අධ්‍යාපනය ජීවිතය හා රැකී රක්ෂාවන් අතර සමීප සබඳතාවක් ඇතිවන සේ සැකසුණකි. පාසල් හැරයාමට පෙර ළමුනට විවිධ ශිල්ප හා කර්මාන්ත පුහුණුව ලබාදීමට ප්‍රායෝගික විෂයක් ඇතුළත් කිරීම මෙම ක්‍රමයේ මූලික පරමාර්ථය වී ඇත.
“දවසට පැයක්වත් පාඨශාලාවේ කර්මාන්ත ශාලාවේ හෝ පාසල් වත්තේ කුඹුරේ ගත කළ යුතුයි. එසේ ඉගැන්වීම් කටයුතු උදළු, කියත්, පොරෝ ආදී මෙවලම් යොදා ගත වෙහෙස කරන වැඩට සීමා විය යුතු නොවේ. එසේ වුවද ක්‍රියාත්මක වැඩ වලින් විශාල කොටසක් පාසල් ගොඩනැගිලි නඩත්තු කිරීම, ගබඩා කාමර, පුස්තකාල, සෞඛ්‍යාගාර කටයුතු, පාරවල්, ක්‍රීඩා භූමි… තැනීම වැනි කටයුතු විය යුතුයි.” (විශේෂ කාරක සභා වාර්තාව – 1943)
ඇටම්පිටිය විද්‍යාලයෙත් එවකට ක්‍රියාත්මක වූ වැඩසටහන් දෙස බලන විට ‘හන්දෙස්ස අධ්‍යාපන ක්‍රමය’ මොනවට මේ පාසල තුළ ක්‍රියාත්මක වූ බව පෙනෙන්නට විය. විශාල භූමි භාගයකින් යුක්ත ඇටම්පිටිය පාසල එදා වගාවෙන් නිල්ල ගැසුණු කදිම බිම් කඩක්ව තිබුණි. එම සශ්‍රීක බව ඇති කලේ විද්‍යාලයේ ගුරු සිසු දෙපිරිසයි. 1942 වසරේ පාසල අධීක්ෂණයට පැමිණි පාඨශාලා පරීක්ෂකවරයෙකු, “පාඨශාලා වත්ත ඉතා විශාලයි. එය සම්පූර්ණයෙන්ම වගා කර තිබෙයි.” ලෙස සටහන් කර තිබෙන්නේ පාසල් වත්තේ තිබූ සශ්‍රීක බව දුටු නිසා වන්නට ඇත. පාසල් වත්තේ සිටුවීමටත්, ගම් වැසියන්ට වගාවන් සඳහා ආධාර කිරීමටත් විද්‍යාලයේ ගුරුවරයෙක් මුල් වී පේරාදෙණිය වැනි ප්‍රදේශ වලින් බීජ වර්ග ගෙනවිත් තිබෙයි. එම ගෙනා බීජ වර්ග ගම්මුන් අතර ද බෙදා දී ගුරු සිසු පිරිස් එකතුව පාසල් වත්තේත් එම බීජ වගා කර තිබෙයි.
අල, බතල, මඤ්ඤොක්කා, බටු වැනි බෝගයන් පමණක් නොව මී මැසි පාලනයද ඉතා සාර්ථකව තිබී ඇත. පාඨශාලාවට කුඹුරු ද අයත්ව තිබූ අතර ඒවායින් ලබා ගත් අස්වැන්නෙන් පාසල් දරුවන්ට දිවා ආහාරය ලබා දීමටද කටයුතු කර ඇත්තේ ළමුන් උපදවන දේ ළමුන්ටම ආහාර වශයෙන් සපයා දීමේ සංකල්පය ක්‍රියාවට නැංවීමෙනි. 1942 පාඨශාලාවේ ගොවිකම් සමිතිය මඟින් නිරන්තර කෘෂි කටයුතු පිළිබඳව සාකච්ඡා කරමින් කටයුතු කර ඇත. පාඨශාලා වත්තේ වැවිලි රැක බලා ගැනීම සඳහා ගුරුවරුන් මෙන්ම, සිසු දරු දැරියන්ද ඒ ඒ දිනයට බෙදා වෙන් කොට තිබුණි. නිවාඩු කාලීනව වත්ත රැක බලා ගැනීමට පාසල් සිසුන්ටම වෙන් කර දී තිබුණි. වරක් ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ පන්ති වල ළමුන්ට එම කාර්යය පවරා තිබු අතර ඔවුහු එම අණට කීකරු නොවීම නිසා එම දරුවනට තදබල ලෙස අවවාද දීමට විදුහල්පතිතුමාට සිදු වූ බැව් වාර්තාවක සඳහන් වේ.
1942 වසරේ “වී ගොවිතැන් තරඟය” ට ඉදිරිපත් වී ඉන් ජයග්‍රහණය කරමින් රු.30 ක ත්‍යාග මුදලක් එදා මෙම විද්‍යාලයට හිමිවූයේ ගුරු සිසු දෙපිරිසගේ නොමසුරු කැපවීම නිසා යැයි සිතේ. එම රුපියල් 30න්, රු. 20 කින් උදළු 05ක් මිලදී ගෙන ඇති අතර රු.10 ක් තැපැල් කන්තෝරුවේ ද තැන්පත් කර ඇත. කුඹුරු සී සෑමේ කටයුතු වල සිට පැළ සිටුවීම, ඇස්වැන්න නෙලීම ආදී සියලු කාර්යයන් කර ඇත්තේ සිසුන් හා ගුරුවරුන් එකතුවයි. 1946 වසරේ වගාවෙන් ලද ආදායම එකලට අනුව රු.294.72 කි. එදා එය විශාල මුදලකි. “දවසකට පැයක්වත් පාසල් වත්තේ හෝ කුඹුරේ වැඩ කළ යුතුයි” යන්න තහවුරු කරමින් විද්‍යාලයේ දරු දැරියන් පැළ සිටුවීමේ ව්‍යාපාර සඳහා දායකත්වය ලබා දී ඇත්තේ ගුරුවරුන්ද සමඟයි.
1967 – 68 වර්ෂවල
ඇටම්පිටිය නගරයේ අක්කර 01 අඹේවෙල අක්කර 04 මිරහල්ගමුවේ අක්කර 10 දෙහිවින්නෙහි අක්කර 01 ගාවෙල ගමෙහි අක්කර 01 ගේට්ටුව අසල කුඹුර අක්කර 01
ලෙස කුඹුරු අක්කර ගණනක් ගොයම් පැළ සිටුවීමට ගුරු සිසු පිරිස් දායකත්වය ලබා දී ඇත.
1967.07.20 දින විද්‍යාලයේ අර්ධකාලීන පාඨමාලා ආරම්භ විය. හස්ත කර්මාන්තය, ලෝහ වැඩ, වඩුවැඩ, පේෂ කර්ම අංශයේ රෙදි විවීම, මැටි භාණ්ඩ තැනීම ආදී වශයෙන් එදා කර්මාන්ත අංශයේ තිබුණි. 1973 වසරේ බණ්ඩාරනායක සම දින උළෙල යෙදී තිබුණු දිනයක මඤ්ඤොක්කා, අල, බතල සිටුවීමේ ශ්‍රමදානයක් පවත්වා ඇත්තේ මුළු ප්‍රදේශයටම ආදර්ශයක් සපයමිනි. මෙම පාඨශාලාවට අයත් බිම් ප්‍රදේශය සේම වගාවන් ආරක්ෂා කිරීම සඳහා විදුහල් මායිම වටා කම්බි වැටක් ගසන ලදි. ඒ ගුරු දෙමාපිය සහයෝගයෙනි.
ශිෂ්‍යයා පාඨශාලාවේ හෝ එදිනෙදා ඇතිවන සාමාන්‍ය අවස්ථා වලදී පාඨශාලාවේ මෙහෙයවීම මත යම් සේවයක යෙදීම හෝ අවශ්‍ය භාණ්ඩ නිෂ්පාදනය කිරීම වැදගත් වේ. එහි වැදගත්කම අගය කරමින් 1971 වසරේ පාසලේ දී විද්‍යා උපකරණ නිෂ්පාදන ව්‍යාපාරයක් ආරම්භ කර ඇත. පුනීල, නල ආධාරක නිෂ්පාදනය කරමින් ඒ අවට ප්‍රදේශවල විද්‍යා විෂය සහිත පාසල් වලට එම උපකරණ බෙදා දී තිබෙයි. විද්‍යාලයේ කර්මාන්ත ශාලාවේ දී නිෂ්පාදනය කරන භාණ්ඩ, රෙදි, විවිධ භාණ්ඩ අලෙවි කොට ලබන ආදායම මුදල් පොතේ සඳහන් කළ අතර වැඩකට ගත නොහැකි දේ වෙන්දේසියේ විකුණන ලදී.
එවක ලංකාව පුරා ව්‍යාප්ත වූ ‘වැඩ හුරුවීමේ දිනය’ පාසල් අධ්‍යාපනයේ සුවිශේෂි අවස්ථාවකි. මෙම වැඩසටහනට අනුව ශිෂ්‍ය ශිෂ්‍යාවන් කොටස් කර ඒ ඒ වැඩ කොටස් ඔවුනට පැවරූහ කොටසක් රෝහලේ, කොටසක් කුඹුරේ, කොටසක් කාර්මික අංශයේ කටයුතු කරන්නට වූහ. 1967.01.01 දින ඇටම්පිටිය විද්‍යාලයේද මෙම වැඩසටහන ක්‍රියාත්මක වී ඇත. ශිෂ්‍ය ශිෂ්‍යාවන් 15ක් රෝහල් සාත්තු සේවයටත්,ශිෂ්‍ය ශිෂ්‍යාවන් 25ක් අබලන් උපකරණ අලුත් වැඩියාවටත් ,ඉතිරි කොටස මාර්ගය සෑදීමටත් ,50ක් කෘෂි කාර්මික කටයුතු සඳහාත් දෙමළ අංශය ශ්‍රමදානයන් සඳහාත් යොමු කරවන ලද්දේ ගුරු පිරිසෙහි සහයෝගයත් සමඟිනි. විද්‍යාලයේ පාර කැපීම, ඉඩම එළි පෙහෙළි කිරීම, බැමි වැටි බැඳීම පමණක් නොව ක්‍රීඩා පිටිය පළල් කිරීම ආදී කාර්යයන් පවා ක්‍රමවත්ව සිදු කර තිබෙන අතර ඒ සියලු කාර්යයන් ගුරු සිසු සහයෝගය මත මනාව ක්‍රියාත්මකව තිබෙයි.
වසරේ විශේෂිත දිනයන් අල්ලා වර්තමානයේ සමස්ත රටපුරා පුහු වැඩසටහන් දියත් වුවද එකල සෑම තත්පරයක්ම වැය කළේ අර්ථවත් කටයුත්තක් කිරීමටය. පුහු ආටෝපයෙන් තොරව සෑම කාර්යයක්ම කෙරෙන ආකාරයේ අධ්‍යාපන රටාවක් එකළ ක්‍රියාත්මක වෙමින් තිබුණි. වර්තමානයේ අප බොහෝ විට නිවාස බෙදන්නේ ක්‍රීඩා උත්සවයක් පැවැත්වීමට සමගාමීවය. එහෙත් එවක දරුවා ප්‍රායෝගික ජීවිතයට හුරු කරනට නිවාස ක්‍රමයක් ආරම්භ වූයේ අධ්‍යාපන, කෘෂිකර්ම, විනය හා ක්‍රීඩා ලෙස සිසුන් බෙදීමෙනි. මෙම නිවාස ක්‍රමය 1973.06.13 දින මෙම විද්‍යාලයේ ආරම්භ වූයේ මයුර, කෝකිල, හංස යන නම් සහිතවයි. සෑම අංශයකම තරඟකාරීව, උද්යෝගිමත්ව කටයුතු කිරීමටත් සහයෝගයෙන් සාමූහිකව කටයුතු කිරීමටත් මෙම ක්‍රමයෙන් හැකියාව ලැබුණි. 1976 වසරේ H. C. පෙරේරා ගුරු මහතාගේ මූලිකත්වයෙන් විද්‍යාලයේ කැඩුණු ඩෙස් පුටු සෑදීමේ කටයුතු කරගෙන ගොස් තිබේ. එහිදී පුටු 25ක් පමණ නිපදවා ඇත.
R. M. සුමතිපාල මහතාගේ මූලිකත්වය යටතේ කඩදාසි නිෂ්පාදනය පිළිබඳ සංස්කරණ සම්මේලනයෙන් පුහුණුව ලබා දී ඇති අතර පසුව මෙම පාඨමාලාව නිම කර සමහර දරු පිරිස් තමුන්ගේ ව්‍යාපාරයක නිරත වී තිබෙයි. ක්‍රම ක්‍රමයෙන් ආදායමක් ලද හැකි නිෂ්පාදන වන ලියුම් කවර නිෂ්පාදනය, වෙසක් භාණ්ඩ ආදියයන් නිෂ්පාදනය කර අලෙවි කොට තිබෙයි. මෙසේ එදා වෘත්තිමය නිපුණතා දරුවනට ලබා දීමෙන් දරුවා ප්‍රායෝගිකව ජීවිතයට සාර්ථකව මුහුණ දීමට හුරු කරවා ඇත. වර්තමානයේ ක්‍රියාත්මක කිරීමට උත්සාහ දරනුයේ මෙවැනි අධ්‍යාපන ක්‍රමයක් යැයි නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා දෙස බලන විට පෙනෙයි.
විද්‍යාලය වසරේ විශේෂිත දිනයන් සැමරූ අයුරු….
1942.05.25 අධිරජ දිනය සැමරීම. අධිරජ දින සංදේශය කියවීමෙන් ආරම්භ කරන ලද අතර නොකඩවා සෑම වසරකම සමරා ඇත. එම දිනයට සමගාමීව පසු දින පාසල් නිවාඩු දිනයක් හෙයින් මෙම විද්‍යාලය එදා වසා දමන ලදී.
1945.05.09 යුරෝපා මහා සංග්‍රාමය අවසන් වීම ලොවේ කොයි කාහටත් සුභදායී පුවතක් විය. එදින ඇටම්පිටිය විදුබිමෙන් උත්සවශ්‍රීයක් ඉසිලුවේය. සියලු දෙනාම භෘත්‍ය ගීතාදිය ගයමින් විදුහලේ සිට මිරහල්ගමුව දක්වා පෙරහැරින් ගමන් කර ඇත්තේ සියලුම දෙනාගේ ජයඝෝෂා මධ්‍යයේය.
1948.02.04 සිංහ කොඩිය ඔසවා කැවුම්, කිරිබත්, කොකිස් අනුභව කරමින් ගුරු දෙගුරු සිසු සියළු දෙනා උත්සවශ්‍රීයෙන් නිදහස් දිනය සැමරීම.
වසරක් පාසා පැවැත්වෙන ක්‍රීඩා උත්සව ඔලිම්පික් සම්ප්‍රදායානුකූලව ආරම්භ කොට උත්සවශ්‍රීයෙන් පැවත්වීම.
1960 ගණන් වල සිට අද දක්වාම සිංහල අවුරුදු උත්සවය සියලු චාරිත්‍ර වාරිත්‍ර මධ්‍යයේ වාර්ශිකව උත්සවශ්‍රීයෙන් සැමරීම.
1967.01.10 පෝය දින රජයේ නිවාඩු දිනයක් බවට පත් කළ බැව් දැන ආගමික කටයුතු වලට මූලික තැන දෙමින් රෝහලේ රෝගීන්ට ආහාරයෙන් සංග්‍රහ කරමින් එම දිනය සැමරීම.
1969 වසරේදී ‘අධ්‍යාපන සියවස’ සැමරීමේ උළෙලට සමගාමීව, පැළ සිටුවීමේ ව්‍යාපාරයක් දියත් කරමින් එම දිනය සැමරීම.
1972.05.22 නව රජයක් පත්වීම සමරනුවස් පැළ 80ක් පමණ සිටුවා ජනරජ දිනය සැමරීම.
1973.09.28 බණ්ඩාරනායක සමරු දින උළෙල දා මඤ්ඤොක්කා, බතල, අල සිටුවීමේ වැඩසටහනක් දියත් කරමින් එම දිනය සැමරීම.
සෑම වෙසක්, පොසොන් පොහොය දින නිමිති කොටගෙන දාන, ශීල, භාවනා වැඩසටහන් දියත් කිරීම.
1980.01.19 නොමිලේ පොත් බෙදා දීමේ වැඩසටහන ලංකාව පුරා ආරම්භ වී ඇත්තේ මෙදිනයි. අවට විදුහල් 05ක් සහභාගීත්වයෙන් එවකට ප්‍රදේශයේ සිටි මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් පොත් බෙදා දීමේ උත්සවයක් සංවිධානය කෙරිණි.
නිදහස් අධ්‍යාපනයේ පටන්, පොත් පරිහරණයේ වැදගත්කම, පොත් හොඳින් පරිහරණය කරන්නේ කෙසේද? යන්න පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත් වූ අතර, පෙ. ව. 9.00 සිට ගුවන් විදුලි යන්ත්‍ර 05ක ආධාරයෙන් එකිනෙක ශාලාවලදී සිසුන් කණ්ඩායම් කර ජනපතිතුමාගේ කතාව ශ්‍රවණය කිරීමට සැලැස්වීම විශේෂිත වන අතර එම දිනට මෙම කාර්යය වසර කිහිපයක්ම නොකඩවා සිදු කර ඇත.
1981.06.25 ලෝක පරිසර දිනය 6, 7, 8, 9 ශ්‍රේණි දරුවෝ පාසල් වත්තේ පැළ සිටවූහ. පස සෝදා යාම වැළැක්වීමට කාණු කැපුහ. ශ්‍රමදාන සංවිධානය කළහ.
1981.10.05 ලෝක ආහාර දිනය විද්‍යාලයීය කෘෂි කර්ම සංගමය මඟින් ප්‍රාථමික අංශයේ දුවා දරුවනට කොළ කැඳ කෝප්පයක් පිරිනැමීම හා පැළ සිටුවීමේ ව්‍යාපාරක් දියත් කිරීම. (දෙහි, දොඩමි, කොස්, පැපොල්, අලිපේර, පේර…)
1984 එවකට ලංකාව පුරා ක්‍රියාත්මක වූ “අපේ පාසල් සතිය වැඩසටහන මනාව ක්‍රියාත්මක කිරීම.
• අබලි පොත් වර්ග වර්ග කිරීම
• කළුලෑලි කලු කිරීම
• මුළු පාසලේම සිසුන්ගේ උප්පැන්න සහතික වර්ග කිරීම
• ගොඩනැගිලි බිම සේදීම… ආදී කාර්යයන් සිදු නර ඇති ආකාරයෙන් වර්තමානයේ ක්‍රියාත්මක S5 සංකල්පය සිහි ගන්වයි.
1986.02.11 පාසල් දරුවනට ඉතිරිකිරීමේ හුරුව ලබාගෙන ඉතිරිකිරීමේ ගිණුම් ක්‍රමය ආරම්භ කිරීමේ උත්සවය පැවැත්වුණි. ඒ සඳහා විදුහලේ කුඩා කාමරයක් ‘මහජන බැංකුව’ නමින් වෙන් කොට තිබුණි.
1989 ‘නිදහස් අධ්‍යාපනයේ’ නිර්මාතෘ දිනය සැමරීමේ උළෙල පැවැත්වූයේ ගද්‍ය, පද්‍ය නිර්මාණ අංග වලින් තරඟ පවත්වා ඒ ජයග්‍රහකයන්ට ත්‍යාග ප්‍රදානය කිරීමෙනි. (එදා මෙදාතුර පාසල තුළ විශේෂිත දිනයන් සැමරුවත් ඓතිහාසික මූලාශ්‍රයන් ලෙස වැදගත් වේයැයි සිතිය හැකි උත්සවයන් කිහිපයක් පමණක් මෙහිදී සඳහන් කළෙමි.)
විද්‍යාලයට පන්නරය දුන් සමිති සමාගම් හා ක්‍රියාකාරකම්
ප්‍රබල ගුරු දෙගුරු සමිතියක්
1942 පාඨශාලීය ගොවිකම් සමිතිය විද්‍යාලයීය කෘෂි කර්ම කටයුතු පිළිබඳව සොයා බලමින් එහි අභිවෘද්ධියට කටයුතු කරන ලද අතර 1948 වී ගොවිතැන් තරඟයෙන් දෙහිවිනි පළාතේන් 1 ස්ථානය ලබා ගැනීමට හැකි වූයේ මෙම සමිතියේ ප්‍රබලත්වය නිසයි.
1951 චිත්‍ර සංගමය සෑම වර්ෂයක් පාසාම චිත්‍ර තරඟ ප්‍රදර්ශන පැවැත්වීමට හැමවිටම කටයුතු කිරීම සතියේ හොඳම චිත්‍රය තේරීමේ තරඟය සතිපතා පැවැත්වීම
1966 ශ්‍රමදාන සංගමය පැළ සිටුවීමේ ව්‍යාපාර, පාසල් අලංකරණ කටයුතු, ක්‍රීඩා පිටිය, මාර්ගය සකස් කිරීම ආදී කාර්යය රැසක් මේ සංගමයේ මූලිකත්වයෙන් සිදු කෙරිණි.
1966 ක්‍රීඩා සංගමය ක්‍රීඩා අංශය සංවර්ධනය කිරීම උදෙසා ක්‍රීඩා අරමුදලක් ඇති කළේ ක්‍රීඩා සංගමය හරහාය. වාර අවසානයේ විවිධ ප්‍රසංගයක් දර්ශන දෙකකින් පවත්වා එම මුදල ක්‍රීඩා අරමුදලට යොදවන ලදී.(ප.ව. 2ට පාසල් දර්ශනය, ප.ව. 6ට මහජන දර්ශනය ලෙස)
1966 විද්‍යාලයේ පුස්තකාල අරමුදලට වේදිකාගත කෙරුණු ‘සාම ඉඟිනළුව’ නාට්‍යය බණ්ඩාරවෙල පුරහලේදී පස්වරු 2ට හා 6ට වේදිකා ගත කිරීම.
1967 බාලදක්ෂ කණ්ඩායම ඇරඹීමට අදහස පළවීම.
1967 ගොවි නැටුම් තරඟයට ඉදිරිපත්ව සමස්ත ලංකා මට්ටමේ ජයග්‍රහණ හිමි කර ගැනීම.
1967 යුනෙස්කෝ සෞඛ්‍ය උළෙල සඳහා ඉදිරිපත් කළ “අලස රකුසා පැරදවීම” නාට්‍යය සමස්ත ලංකා මට්ටමේ ජයග්‍රහණ හිමි කර ගැනීම.
නාට්‍ය ක්‍රීඩා ආදිය සඳහා දැරූ වියදම් නිසා ණය පියවීමට මෙලෙස විවිධ ප්‍රසංගයක් සංවිධානය වී ඇත.
1968.01.04 ඇටම්පිටිය විදුහලේ 8 ශ්‍රේණියේ සිට ඉහළට ඇති පන්ති වෙන් කොට ජ්‍යෙෂ්ඨ ද්විතීක මහා විද්‍යාලයක් බවට පත් වූ අතර 1 – 7 ශ්‍රේණි තෙක් වෙනම කණිෂ්ඨ විද්‍යාලයක් ලෙස ආරම්භ විය.
1968 සමස්ත ලංකා දේශීය ගායන හා වාදන නැටුම් පිළීබඳ යෞවන උළෙලේදී සමස්ත ලංකා මට්ටමේ ජයග්‍රහණයන් හිමි කර ගත්තේ පොලොන්නරුවේදීය.
1968 දින පාසල් ගීතයක් සෑදීමේ අවශ්‍යතාව පිළිබඳ විදුහල්පති හා ගුරු අවධානය යොමු වීම තුළින් පාසල් ගීතයක් නිර්මාණය වීම.
1978 වන විටත් එකම වයලීනයක් හැරුණු විට කිසිම සංගීත භාණ්ඩයක් විද්‍යාලයේ තිබුණේ නැත.
1980 තූර්යවාදන කණ්ඩායමට අවශ්‍ය භාණ්ඩ ප්‍රදේශයේ අධ්‍යාපන අධ්‍යක්ෂකගේ නියමය පරිදි විද්‍යාලයට ලැබීම.
තාලම්පට 02, ගෙඩි දවුල් 04 ලොකු දවුල් 02, සිම්බල් 01 බටනලා 11, විරිදු රබන් 03
1981 නව පුස්තකාල ගොඩනැගිල්ල විවෘත කරන දා මෙම තූර්යවාදක කණ්ඩායම දොරට වැඩීම
1981 සිංහල සාහිත්‍ය සංගමය සෑම වසරකම ගද්‍ය පද්‍ය නිර්මාණ තරඟ පාසල් මට්ටමින් පවත්වන ලද අතර සතියේ හොඳම නිර්මාණයද තෝරන ලදි. එදා සිට අද දක්වාම සිංහල භාෂා හා සාහිත්‍ය දින උළෙල තරඟ සඳහා සිසුන් යොමු කරවීම, පුහුණු කරවීම සිදුවෙයි.
1981 සමාජ විද්‍යා සංගමය 1982 සමූපකාර සංගමය 1982 පරිසර සංගමය 1986 බාලදක්ෂ කණ්ඩායමේ ආරම්භය.
1986.07.30 දින පදක්කම් පැළදවීම සිදුවූයේ එවකට බාලදක්ෂ කොමසාරිස් වූ සී. ලක්ෂ්මි බුලත්වල මහත්මියයි.
1993.10.18 ජාතික ගොවි දිනය නිමිති කොටගෙන පිහිට වූ තරුණ ගොවි සමාජය
විද්‍යාලයට විශේෂිත සමරු දිනයන් කිහිපයක්…..
1971.01.07 ප්‍රධාන අධ්‍යාපන නිලධාරී තුමාගේ නියමය පරිදි වාණිජ විද්‍යා පන්තියේ ආරම්භය. 1971.01.12 දින වන විට විද්‍යාලයට වාණිජ ගුරුවරයෙක් සිටියේ නැත. එතෙක් වාණිජ අංක ගණිතය, ආර්ථික විද්‍යාව, ලඝුලේඛනය, යතුරුලේඛනය, ගණකාධිකරණය විෂයන් තුළ උගන්වන ලදි. 1971.02.02 ප්‍රථම වාණිජ විද්‍යා ගුරුවරයා වන දො.ලි. කරුණාපාල මහතා වැඩභාර ගනිමින් ඉහත විෂයන් සියල්ල උගන්වන ලද්දේ ඔහු විසිනි.
1971 වන විට විද්‍යාලයට සංගීත/ නැටුම් අංශයක් නොතිබුණි.1975 එස්. පී. ඒ. ජී. සේනාධීර මහත්මියගේ වැඩභාර ගැනීමත් සමඟ විද්‍යාලයේ සංගීත අංශය ආරම්භ විය.පෙරදිග තූර්යවාදක කණ්ඩායමේ ආරම්භය මෙකල සිදුවිය.
1984 අ.පො.ස. (උ.පෙ) විද්‍යා පන්ති ආරම්භ වීම.
චන්දන නාමල් තිලකසිරි සිසුවා විද්‍යාලයේ ප්‍රථම වරට විශ්ව විද්‍යාල වරම් ලද්දේ මෙම වසරේදියි.
1979.02.06 – 09 ශ්‍රේණියේ ‘වාණිජ හා ගිණුම්’ විෂයක් ලෙස විද්‍යාලයේ ආරම්භ වූයේ මේ දිනයෙයි.
1982.03.23 නියෝජ්‍ය අධ්‍යාපන ඇමතිතුමාගේ (සමරවීර වීරවන්නි) මෙහෙයවීම මත ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මඟින් ‘වනිතාලතා’ වැඩසටහන ප.ව. 12.45ට මෙම විද්‍යාලයේදි පටිගත කිරීම.
1982.04.02 ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රුහුණු සේවය මඟින් “අපේ පාසල” නමින් වැඩසටහන් විද්‍යාලයීය ශාලාවේදි පටිගත කිරීම.විද්‍යාලයට සුවිශේෂී වූ දිනයක් වේ.
1983.03.15 එවක නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ, ප්‍රදේශයේ අධ්‍යාපන අධ්‍යක්ෂ ඇතුළු අමාත්‍යංශ නිලධාරීන් සහභාගිකත්වය සහිතව විද්‍යාලය පාසල් පර්ෂදයක් බවට පත් කිරීම.
1983 බදුල්ල දිස්ත්‍රික් හාලිඇල මණ්ඩලය භාර සහකාර දිස්ත්‍රික් බාලදක්ෂ කොමසාරිස් ලෙස විද්‍යාලයේ විදුහල්පති H. M. චන්ද්‍රසෝම මහතා පත්වීම
. 1985.07.15 විද්‍යා උසස් පෙළ පන්ති ආරම්භ කිරීම. (නව දෙමහල් ගොඩනැගිල්ල විවෘත කරන දිනම, අධ්‍යාපන නි. ඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන්)
1988.09.15 එවක පාසලේ සිටි පර්ෂද විදුහල්පති U. G. ධර්මදාස මහතා හදිසියේ අභවප්‍රාප්ත වීම.
1989.09.12 ප. ව. 6.00ට පමණ විද්‍යාලයේ ගොඩනැගිලි කිහිපයක් ගින්නට හසු වී විනාශ වී යාම. (ගුරු දෙමාපිය මැදිහත් වීම මත ගින්න නිවා දැමීමට සමත් වූවද විද්‍යාලයේ භාණ්ඩ රාශියකටම හානි සිදු වී තිබුණි.)
1994.07.08 ඌව පළාත් ප්‍රධාන අමාත්‍යතුමාගේ සහභාගීත්වයෙන් වි. ජ. මු. ලොකු බණ්ඩාර ඇමතිතුමාගේ සංකල්පයක් මත විද්‍යාලය ජාතික පාසලක් බවට පත් කිරීම.එදා පාසලේ සිටි ශිෂ්‍ය සංඛ්‍යාව හා ගුරු සංඛ්‍යාව දළ වශයෙන්….. වර්ෂය ශිෂ්‍ය සංඛ්‍යාව ගුරු සංඛ්‍යාව 1944 196 07 1946 216 07 1947 229 05 1948 234 06 1949 296 09 1950 307 10 1951 292 09 1968 614 37 1970 369 40 (ඉහළ අංශයේ පමණි) 1975 648 31 2018 988 65
{QF3=5}